සේවාවන්
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) විද්‍යාගාරය රසායනඥයෙකුගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අතර, තාක්ෂණික සම්බන්ධීකරණය සහ උපදේශනය අධිකාරියේ සාමාන්‍යාධිකාරී විසින් සපයනු ලැබේ.
අප අධිකාරියේ විද්‍යාගාරය මඟින් මුහුදු ජලය, අපජලය, පිහිනුම් තටාක ජලය සහ පානීය ජලය සඳහා භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක පරීක්ෂණයන් සිදුකරනු ලබයි. ඊට අමතරවඅප විසින්, ජලය, ජෛව සහ අවසාදිත සාම්පල සඳහා ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරීක්ෂණ සිදුකරනු ලබයි.
විද්‍යාගාරය
ජලයේ ගුණාත්මකභාවය මැනීම (මිරිදිය සහ මුහුදු ජලය යන දෙකෙහිම)
අපගේ විද්‍යාගාරය ඔබට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ලබන අතර, විශ්වාසදායක සහ නිරවද්‍ය තාක්‍ෂණයෙන් සහ ඉහළ සුදුසුකම් ලත් වෘත්තිකයන් කණ්ඩායමකින්සේවාවන් සපයනු ලබයි.
ප්‍රමුඛ පෙළේ රජය සතු විද්‍යාගාරයක් ලෙස, අපගේ මෙහෙයුම් ISO 17025:2017විද්‍යාගාර කළමනාකරණ පද්ධතිය යටතේ සිදු කරනු ලබන අතර, නිරවද්‍යතාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කෙරේ.අප අධිකාරියේ විද්‍යාගාරය මඟින් මුහුදු ජලය, අපජලය, පිහිනුම් තටාක ජලය සහ පානීය ජලය සඳහා භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක පරීක්ෂණයන් සිදුකරනු ලබයි. ඊට අමතරවඅප විසින්, ජලය, ජෛව සහ අවසාදිත සාම්පල සඳහා ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරීක්ෂණ සිදුකරනු ලබයි.විද්‍යාගාරය ප්‍රධාන වශයෙන් ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ මෙහෙයුම් සහ සත්‍යාපන අධීක්ෂණය, සහයෝගී පර්යේෂණ වැඩසටහන් සහ පුහුණුවීම් ප්‍රවර්ධනය කිරීමේ නිරත වේ.වර්තමානයේදී, කර්මාන්තවලට ඔවුන්ගේ නීතිමය බැඳීම් සපුරාලීමට සහ පාරිසරික රෙගුලාසිවලට අනුකූල වීමට සහාය වීම සඳහා MEPA විද්‍යාගාරය පුළුල් පරාසයක ජල තත්ත්ව අධීක්ෂණ සේවා සපයයි.
ජල තත්ත්ව පරීක්ෂණ සේවා වාණිජමය පදනමින් ලබා ගත හැකිය.
මිල ගණන් සඳහාමෙමසබැඳිය ක්ලික් කරන්න
වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.
ඊමේල්: mepalab@gmail.com
දු.ක: 091 2121077