නෞකා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව

නැව් වලින් සිදුවන දූෂණය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතියේ (1973/78) සාමාජික රටක් ලෙස, ශ්‍රී ලංකාව, 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 21 වන වගන්තිය හරහා, නැව් සඳහා අපද්‍රව්‍ය පිළිගැනීමේ පහසුකමක් සැපයීමට සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට (MEPA) බලය පවරා ඇත.
Waste Reception Service for Ship Generated Waste

නෞකාඅපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව

හැඳින්වීම

2008 අංක35 දරන සමුද්‍රදූෂණවැළැක්වීමේපනතේප්‍රතිපාදන යටතේ නෞකා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් සේවාවසැපයීම සමුද්‍රපරිසරආරක්ෂණඅධිකාරියට පැවරී ඇති ප්‍රමුඛ  රාජකාරියකි.නෞකා වලින්සිදුවන දූෂණය වැළැක්වීම සඳහාවූ අන්තර්ජාතික සම්මුතියවන MARPOL 73/78 සම්මුතියට පාර්ශවවූ  රටක්ලෙසත්, 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 21 සහ 51 වගන්තියටතේ  පිරිනමා ඇති ප්‍රතිපාදන අනුව“සමුද්‍ර පරිසර ආරක්ෂණ (අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම්) නියෝගය 2016”, අංක:1996/27දරණ ගැසට්පත්‍රය මගින් 2016/12/06 වන දින ප්‍රකාශයට පත්කරන ලදී. මෙම රෙගුලාසිය ප්‍රකාරව මෙරටට පැමිණෙන නෞකා සඳහා අපද්‍රව්‍යප්‍රතිග්‍රහණ සේවාව සැපයීම සමුද්‍රපරිසරආරක්ෂණඅධිකාරිය විසින් වාර්ෂිකව ලියාපදිංචි කරගනු ලබන සේවා සපයන ආයතන හරහා අන්තර්ජාලීය ක්‍රමවේදයක් ලෙසට පවත්වාගෙන යනු ලබනවා. 

නෞකා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම්සේවාවේ අරමුණු:

නෞකා අපද්‍රව්‍ය මගින් සිදුවන සමුද්‍රීය දූෂණය වැළැක්වීම, අවම කිරීම හා පාලනය කිරීම.
MARPOL 73/78 අන්තර්ජාතික සම්මුතියට පාර්ශවීය රටක් ලෙසට බැඳී කටයුතු කිරීම.
අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව නෞකා සඳහා ප්‍රමාණවත් අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් සැපයීම.
ශ්‍රී ලංකාව රාජ්‍යයන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූල වන බව සහතික කිරීම සහ නෞකා කර්මාන්තයේ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම.
ශ්‍රී ලංකාවේ නෞකා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් මෙහෙයුම් ජාතික ජාතික ප්‍රමිතින්ට අනුකූල වන බව සහතික කිරීම.
රජයට අමතර ආදායමක් උපයාගැනීම.

වාර්ෂික ලියාපදිංචි සහතිකය

ලියාපදිංචිය ක්‍රියාත්මක වන දිනය සිට එක් දින දර්ශන වර්ෂයක් සඳහා ලියාපදිංචි සහතිකය වලංගු වේ.

නියම සහ කොන්දේසි

සේවා සපයන්නන්ගේ වාර්ෂික ලියාපදිංචිය සඳහා වන සියලුම නියමයන් සහ කොන්දේසි 2016 දෙසැම්බර් 6 වන දින 1996/27 දරන ගැසට් පත්‍රයේ, සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ (අපද්‍රව්‍ය පිළිගැනීමේ පහසුකම්) රෙගුලාසි 2016 ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ලියාපදිංචිය ඉල්ලුම් කලහැකි වරායන්

  • කොළඹ
  • ගාල්ල
  • හම්බන්තොට
  • ත්‍රීකුණාමලය
  • සියළුම වරායන්

ලියාපදිංචි වියහැකි අපද්‍රව්‍ය කාණ්ඩ

(අ )   දැවිතෙල් / තෙල් අපද්‍රව්‍ය

(ආ)  ඝණ අපද්‍රව්‍ය

(ඇ)  මල අපද්‍රව්‍ය

නෞකා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය මූලික  සුදුසුකම්

(අ)        2007අංක 07 දරණසමාගම්පනතයටතේසමාගම්රෙජිස්ට්‍රාර්ජනරාල්වරයාවිසින්නිකුත් කරනු ලබන සංස්ථාගත කිරීමේ සහතිකයේ පිටපතක්.

(ආ)     1979 අංක 51 දරණ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනත යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද, අදාළ කාණ්ඩය සඳහා වරායක් තුළ මෙහෙයුම් කටයුතු සිදුකිරීමේ කාර්යය සඳහා ලබාගත් බලපත්‍රයේ පිටපතක්.

(ඇ)     නෞකා සුන්බුන්එකතු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිෂ්කාශන (junk license) සහතිකයේ පිටපතක්.

(ඈ)     අන්තරායදායක තෙල් අපද්‍රව්‍ය එකතු කිරීමේ, ගබඩා කිරීමේ, ප්‍රවාහනය කිරීමේ සහ බැහැර කිරීමේ කාර්ය සඳහා 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රයසහ එම පනතේ 23 ආ. ජේදය යටතේ නිකුත් කරන ලද පරිසර ආරක්ෂණ බලපත්‍රයේපිටපතක්

(ඉ)   දැවිතෙල් ගබඩා කිරීම, ජලයඉවත් කිරීම හෝපිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන සදහා මධ්‍යම පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කරනු ලබන වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේපිටපතක්

(ඊ)        අදාළ පළාත් පාලන ආයතනය විසින් හෝ අධිකාරිය විසින් අනුමත කරන ලද වෙනත් යම් නියෝජිත ආයතනයක් විසින් නිකුත් කරන ලද ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වු අවසර පත්‍රයේ පිටපතක්

(උ)       අදාළ පළාත් පාලන ආයතනය විසින් හෝ අධිකාරිය විසින් අනුමත කරන ලද වෙනත් යම් නියෝජිත ආයතනයක් විසින් නිකුත් කරන ලද මල අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වු අවසර පත්‍රයේ පිටපතක්

(ඌ)    තෙල් ඉවත් කිරීමේ නල සම්බන්ධයෙන් ISO සහතිකලත් සමාගමක් විසින් නිකුත් කරන ලදනල පරීක්ෂණ සහතිකයේ පිටපතක්

(එ )     ප්‍රතිග්‍රහණ මෙහෙයුම්වල යෙදෙන පුද්ගලයන්පිලිබඳ අදාල විස්තර

(ඒ)      ප්‍රතිග්‍රහණ මෙහෙයුම්වල යෙදෙන පුද්ගලයන්ගේ භාවිතය සඳහා ඇති ආරක්ෂිත උපකරණවලට අදාළ විස්තර

(ඔ)      හදිසි තෙල් පිටාරගැලීමක් අවමකරගැනීම පිණිස භාවිතා කිරීම සඳහා පවතින උපකරණවලට අදාළ විස්තර

(ඕ)      අන්තරායදායක අපද්‍රව්‍ය ආරක්ෂිතවප්‍රවාහනය කිරීමටඅදාලවප්‍රවාහනරථ/ ලෝහමය ටැංකි පරීක්ෂා කිරීමේ වාර්තාවේ පිටපතක්

බඳවා ගැනීමේ ක්‍රමවේදය

පියවර 1

අයඳුම්පත්‍රය ඉල්ලුම් කිරීම

ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන ප්‍රාදේශීය කාර්යාල වලින් සහ කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් රු.1,500/= ක් ගෙවීමෙන් අයඳුම් පත්‍ර ලබා ගෙන ඉල්ලා ඇති විස්තර සමඟ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම් පත්‍රයනියමිත දිනට හෝ ඊට ප්‍රථමවඅධිකාරියට භාර දිය යුතුය.

පියවර 2

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඔබගේ අයඳුම් පත්‍රයසහලිපි ලේඛන පරීක්ෂා කර, අපද්‍රව්‍ය මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම ක්ෂේත්‍ර පරීක්ෂාවක් මඟින් සිදු කරනු ඇත.ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කිරීමට අදාලව මුදල් ගෙවීමෙන් පසු ක්ෂේත්‍ර පරීක්ෂාව සිඳු කරනු ඇත

පියවර 3

ක්ෂේත්‍රපරීක්ෂාවේදී හදුනාගත් අඩුපාඩු ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාවමගින්ඔබ වෙත දන්වනු ඇත. මෙම ක්ෂේත්‍ර පරීක්ෂාවේදී රෙගුලාසි ප්‍රකාරව ලියාපදිංචි වීමට ඔබට තිබෙන හැකියාව තහවුරු කරනු ඇත.

පියවර 4

දන්වනුලැබූ අඩුපාඩු නිවැරදි කිරීමෙන් පසුව ලියාපදිංචි වීම සදහා අනුමැතියට යොමු කරනු ඇත.

පියවර 5

ලියාපදිංචිසහතිකයනිකුත් කිරීම

අයදුම් කරුවන් විසින් ඉල්ලා ඇති වරායන් සහ අපද්‍රව්‍ය කාණ්ඩ අනුව වාර්ෂික ලියාපදිංචි ගාස්තුගෙවීමෙන් පසුව ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ඇත.දැවිතෙල් කාණ්ඩය ඇතුලත්ව ලියාපදිංචි වන ආයතනයක් රු.300,000/= ක මුදල්තැන්පතුවක් තැබිය යුතු අතර දැවිතෙල් කාණ්ඩය ඇතුලත් නොවේ නම් රු.25,000/= ක මුදල්තැන්පතුවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියනමින් ඇති ලංකා බැංකු ගිණුම් අංක 75553755 දරණ ගිණුමට තැන්පත් කළ යුතුය. අදාල ගාස්තු පිලිබඳ විස්තරසමුද්‍ර පරිසර ආරක්ෂණ (අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම්) නියෝගය 2016 උපලේඛන iii හි දක්වා ඇත.

පියවර 6

ලියාපදිංචි වූ සේවා සපයන ආයතනය අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන online ක්‍රමවේදයට සම්බන්ධ කරනු ඇත. ඔබ වෙත ලබා දෙන ගිණුම සහ මුරපදය භාවිතයෙන් මෙම සම්බන්ධතාවයට යොමු වීමට හැක.

නෞකා අපද්‍රව්‍ය ඉවත්කිරීමේ බලපත්‍රඉල්ලුම් කිරීමසඳහා,ඊට අදාල මුදල් අයකර ගැනීම ආදී විස්තර ඔබගේ ගිණුමට ඇතුල් වීමෙන් ඔබට දැනගැනීමට හැකිය.

නෞකා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමවේදය

නෞකා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ පූර්ව නිවේදනය

ශ්‍රී ලංකාවේ වරායන් තුලට ප්‍රවේශ වන ඕනෑම නෞකාවක් විසින් පැමිණීමට අවම වශයෙන්පැය 24 කට පෙර අපද්‍රව්‍ය පූර්ව නිවේදනය online ක්‍රමවේදය හරහා පහතින් සදහන් විද්‍යුත් යොමුව ඔස්සේ එවිය යුතුය.

අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් ඉල්ලීම

යම් නෞකාවක් විසින් අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම ශ්‍රී ලංකාවේ වරායකදී අපේක්ෂා කරන්නේ නම් අදාල වරායට පැමිණීමට අවම වශයෙන් පැය 24 කට ප්‍රථමව පහතින් දක්වා ඇති විද්‍යුත් යොමුව ඔස්සේ ඒ සදහා ඉල්ලුම් කළ යුතුය.

නෞකා සදහා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් බලපත්‍ර නිකුත් කිරීම

අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් ඉල්ලීම සමඟ නම් කර එවනු ලබන සේවා සපයන ආයතනයට අදාල අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ පහසුකම් බලපත්‍රය නිකුත් කරනු ඇත.

නෞකා අපද්‍රව්‍ය ඉවත් කිරීම

සේවා සපයන ආයතන විසින් අධිකාරියේ කාර්යාල වලින් ලබා ගන්නා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ බලපත්‍රය සමඟ අදාල ආයතන වල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව නෞකාවට පිවිස අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කළ හැකිය.

නෞකා සදහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සහතික පිරිනැමීම

සේවා සපයන ආයතන විසින් නෞකා වලින් අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී, අධිකාරියේ නිළධාරීන් විසින් ඒ පිලිබඳව පරීක්ෂා කර බලා අදාල අපද්‍රව්‍ය ප්‍රමාණයන් සහිතව අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සහතිකය නෞකාවට ඉදිරිපත් කරනු ඇත.

Our services
MEPA