තෙල් විසිරීමේ හදිසි සැලසුමේ අනුමැතීන්

තෙල් භාවිතා කරන ආයතන නිරීක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ මාර්ගෝපදේශනය සැපයීම මඟින් තෙල් කාන්දුවලට අදාළ සමුද්රීනය දූෂණය අඩු කිරීම.
Oil Spill contingency Plan Approvals
You are here:

තෙල් කාන්දුවීම් හදිසි අවස්ථා සැලැස්මේ රෙගුලාසිය

තෙල් භාවිතා කරන ආයතන නිරීක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ මාර්ගෝපදේශනය සැපයීම මඟින් තෙල් කාන්දුවලට අදාළ සමුද්‍රීය දූෂණය අඩු කිරීම.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමේදි මුහුදු පරිසරය ආරක්ෂා කිරීමේ අධිකාරිය (MEPA)  වැදගත් භූමිකාවක් ඉටු කරයි.වරාය,නෞකා නැවතුම්ප වල්, නෞකා නඩත්තු ස්ථාන යාත්‍රා අංගන, වියළි නෞකා අංගන, තෙල් නල  අයත් සහ තෙල් ගබඩා පහසුකම්  තෙල් විසිරිමේන් සිදුවිය හැකි සමුද්‍ර දුෂණය පාලනය සදහා 2008 අංක 35 දරන සමුද්‍ර දුෂණ වැලැක්විමේ පනත ප්‍රකාරව සකස් කර ඇති 2012 අංක 01 දරන තෙල් කාන්දුවීම් හදිසි අවස්ථා සැලැස්මේ රෙගුලාසියමෙම ආයතන සඳහාහදිසි තෙල් විසිරයාමේ සැලැස්මක් සකස් කර මෙම අධිකාරියේ අනුමැතිය ලබා ගැනිම අනිවාර්ය වේ.

මෙම සැලැස්ම්වල අරමුණ වන්නේ සිදුවන තෙල් කාන්දුවක්, සුළු මට්ටමක වුවද, බලපෑම අවම කිරීම සහ වේගවත්, කාර්යක්ෂම ප්‍රතිචාර ක්‍රියාමාර්ග ගන්නා බව සහතික කිරීමය.

තෙල් කාන්දුවීම් හදිසි අවස්ථා සැලැස්ම අනුමත කිරීමේ ක්රිැයා පටිපාටිය

හදිසි තෙල් විසිරයාමකදී ක්‍රියාත්මක සැලැස්මේ (OSCP) පිටපත් දෙකක් සමඟ හදිසි තෙල් විසිරයාමකදී ක්‍රියාත්මක සැලැස්මේ අයදුම්පත ලබා දෙන්න.

  • හදිසි තෙල් විසිරයාමකදී ක්‍රියාත්මක සැලැස්මේ (OSCP) සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) නිලධාරීන් විසින් අයදුම්පත සමාලෝචනය කිරීම.
  • සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂා සිදුකිරීම.
  • ඉදිරිපත් කරන ලද හදිසි තෙල් විසිරයාමකදී ක්‍රියාත්මක සැලැස්ම(OSCP) සහ ක්ෂේත්‍ර චාරිකා සමාලෝචනය කිරීමෙන් පසු තවදුරටත් වැඩිදියුණු කිරීම් සඳහා අවශ්‍ය නම් නැවත ඉදිරිපත් කිරීම.
  • ඉදිරිපත් කරන ලද සැලැස්ම, හදිසි තෙල් විසිරයාමකදී ක්‍රියාත්මක සැලැස්මෙහි නියාමනයන්ට අනුකූල නම්, අධිකාරිය සඳහා රු. 51,000.00 ක ගෙවීමේ ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම.
  • ගෙවීම සම්පූර්ණ කිරීමෙන් පසු ආවරණ ලිපියක් සමඟ බලපත්‍රය යැවීම.
Our services
MEPA