බංකර් බලපත්‍රය (සමුද්‍රීය පරිසර ආරක්ෂණ)
බංකර් සේවාව යනු නෞකා වල දෛනික ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ ක්‍රියාවලියයි. මෙම බංකර් මෙහෙයුම්අවධානම් සහගත මෙහෙයුමක් ලෙස හදුන්වනු ලබන අතරදැඩි අවධානයකින් හා නිසි ක්‍රමවේදයන් අනුව සිදු යුතුය.එසේ නොකිරීමමත දරුණු පාරිසරික හානීන් සහ ආර්ථිකමය හානීන් සිදු විය හැකි නිසාය. ශ්‍රී ලංකාවට අයත් සමුද්‍ර කලාප තුල ආරක්ෂාව සහ පරිසර පද්ධතීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස බංකර් බලපත්‍රය (සමුද්‍රීය පරිසර ආරක්ෂණ) නිකුත් කරනු ලබන්නේ 2011 අංක 02 දරණ බංකර් (සමුද්‍රීය පරිසර ආරක්ෂණ) රෙගුලාසිය මගින්ය. මෙම රෙගුලාසිය 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත ප්‍රකාරව 2012 ජනවාරි 19 වන දින පළ කරන ලද අතිවිශේෂ ගැසට්පත්‍ර අංක 1741/2019 මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපයන් තුල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ වලංගු බංකර් බලපත්‍රයක් නොමැතිව බංකර් මෙහෙයුම් කිරීම නීත්‍යානුකූල නොවන්නේය. බංකර් බලපත්‍ර ක්‍රමවේදයේ මූලික අරමුණු පහතින් දක්වා ඇත.
තෙල් කාන්දු වීම වැළැක්වීම
ආරක්ෂිත ඉන්ධන පිරවුම්හල
බංකර අනුකූලතාව
නියාමන දැනුවත්භාවය
බංකර් බලපත්‍රය එක් ලිත් වර්ෂයක් සදහා වලංගු වන අතර ඊළඟ ලිත් වර්ෂය සදහා බංකර් බලපත්‍රය දීර්ඝ කිරීම සවිස්තරාත්මක ඉල්ලුම්පතක් යොමු කිරීම මගින් ලබා ගත හැකිය.පාරිසරික ආරක්ෂාව සහ මෙහෙයුම් ආරක්ෂාව සදහා අදාල වන අන්තර්ජාතික තත්වයන්, සහතික සහ ප්රමිතීන් මෙම බංකර් රෙගුලාසියට අන්තර්ගතකර ඇත.
බංකර් බලපත්‍රය සදහා අයදුම් කිරීමේ ක්‍රියාවලියේදී සෝදිසි කිරීම, පරීක්ෂා කිරීම සහ බලාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අරමුණයි.