MEPA 24/7 මෙහෙයුම් මැදිරිය
පැය විසිහතර පුරාම සමුද්‍ර පාරිසරික ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කිරිම මෙහි කාර්යභාරය වේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සමුද්‍ර පරිසර දුෂණ අවස්ථානිරීක්ෂණය කිරීම සහ ඒවාට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත නවීන, 24/7 මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කරයි. අපගේ පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන මෙම සේවාව තුළින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම වේගවත්ව හා ඵලදායී ලෙස සිදු කිරිම සහතික කරයි.
ප්‍රධාන මෙහෙයුම්
වාණිජ වරායන් තුළ ක්‍රියාත්මක නෞකාඅපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ (WRS) පහසුකමට අදාළ මෙහෙයුම් අධීක්ෂණය කිරීම.
MARPOL සම්මුතියට අනුකූල වීම සහතික කිරීම සඳහා වාණිජ වරායන් පාදක කර ගත් නෞකා නෞකාඅපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණපහසුකම් ක්‍රියාත්මක කිරීම MEPA ආයතනය අධීක්ෂණය කරයි. අඛණ්ඩ අධීක්ෂණය මඟින් නැව්වලින් ජනනය වන අපද්‍රව්‍යය නිසි ලෙස බැහැර කිරීම සහතික කරන අතර එමඟින් ශ්‍රී ලංකාවේ ජල තීරයේ දූෂණය වළක්වයි.
හදිසි තෙල් සහ අන්තරායකර සහ හානිකර රසායනික ද්‍රව්‍ය විසිරයාමකදි ක්‍රියාත්මක ජාතිකසැලැස්මට අදාළ (NOHSCP) මෙහෙයුම්
හදිසි තෙල් සහ අන්තරායකර සහ හානිකර රසායනික ද්‍රව්‍ය විසිරයාමකදි ක්‍රියාත්මක ජාතික සැලැස්ම ක්රිියාත්මක කිරීමේදී MEPA හි මෙහෙයුම් මැදිරිය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තත්‍ය කාලීන සිදුවීම් නිරීක්ෂණය, අවශ්‍ය සම්පත් සුදානම් කිරිම සහ යෙදවිමසහ පාර්ශවකාර ආයතන අතර මනා සම්බන්ධිකරණයක් පවත්වා ගැනිම සහ හදිසි මෙහෙයුම් සිදු කිරිම.
වෙරළ පිරිසිදු කිරීමේ අධීක්ෂණය
ශ්‍රිලංකාවේ විවිධ රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික ආයතන මගින් සංවිධානය කරනු ලබන වෙරළ පවිත්‍ර කිරිමේ වැඩසටහන් අධීක්ෂණය, අවශ්‍ය තාක්ෂණික සහය ලබා දිම, අදාළ අනෙකුත් පළාත්පාලන වැනි ආයතන සම්බන්ධිකරණය සදහා සහය විම තුලින් මෙහෙයුම් මැදිරිය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි
IORIS මෙවලම හරහා සන්නිවේදනය
සමුද්‍රීය සන්නිවේදනය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා MEPA ආයතනය ඉන්දියානු සාගර කලාපීය තොරතුරු බෙදාගැනීමේ (IORIS) වේදිකාව භාවිතා කරයි. මෙම මෙවලම කලාපීය කොටස්කරුවන් සමුද්‍ර දුෂණ සිද්ධින්, නාවික අනතුරු වැනි හදිසි තොරතුරු තත්‍ය කාලීනව බෙදා ගැනීමට හැකියාව ලබා දෙන අතර, සමුද්‍ර දූෂණ සිදුවීම් සඳහා කඩිනම් සහ සම්බන්ධීකරණ ප්‍රතිචාර සහතික කරයි