ලෝක සාගර දිනය
පෘථිවියේ ජීවයේ තිරසාරභාවය පිටුපස ඇති ගාමක බලවේගය සාගර වේ. වායුගෝලයේ ඇති ඔක්සිජන් වලින් 50% ත් 80% ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් නිපදවනු ලැබේ. කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමෙන් ගෝලීය දේශගුණය යාමනය කිරීම සඳහා සාගරය විශාල කාර්යභාරයක් ඉටුකරයි. එමෙන්ම ලොවපුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් සඳහා විශාලතම ආහාර සංචිතය සහ ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය සාගරය වේ. ඊට අමතරව, සාගරය ඖෂධවලින් පොහොසත් ය. ගෝලීය වෙළඳාමෙන් 90% ක් සාගරය පදනම්ව සිදු කරන බැවින්, සාගරය ලෝක ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. 2030 වන විට සාගර ආශ්‍රිත කර්මාන්ත මගින් ආසන්න වශයෙන් මිලියන 40 ක ජනතාවක් සදහා රැකියා උත්පාදනය කරනු ඇතැයි ගණන් බලා ඇත. එබැවින්, සාගරය සැබවින්ම මානව වර්ගයාට මහත් ආශිර්වාදයකි.
කෙසේ වෙතත්, අපගේ සාගරයසහ එහි ජිවි ප්‍රජාව දැඩි ලෙස විනාශ විමේ තර්ජනයක් අභිමුව සිටි.හිතාමතා සාගරවලට අපද්‍රව්‍ය බැහැර කිරීම, නැව්වලින් මහා පරිමාණයෙන් තෙල් කාන්දු වීම, සාගර කැණීම, සාගර ජීවීන්ට විෂ සහිත කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම, ඉදිකිරිම්, අනවසර ධීවර ආම්පන්න භාවිතය සහ අසීමිත මසුන් ඇල්ලීම වැනි මානව ක්‍රියාකාරකම් සමුද්‍ර දූෂණයට සහ සාගර සම්පත් ක්ෂය විමට හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, විශාල මත්ස්‍ය ජනගහනයෙන් 90% ක් ක්ෂය වී ඇති අතර, කොරල් පරවලින් 50% ක් විනාශ වී ඇත. මානව වර්ගයාගේ ක්‍රියා හේතුවෙන්, මිනිසුන් සහ සාගර අතර සමතුලිතතාවය බිද වැටි ඇත. නැවත ප්‍රතිස්ථාපනය හැකි ප්‍රමාණයට වඩා අපි සාගරයෙන් අසිමිත ලෙස සම්පත් ලබා ගනිමු. මෙය දිගටම පැවතුනහොත්, සාගරජිවින් සහ සමුද්‍ර පරිසර පද්ධති ඉතා නුරේදිම විනාශ වි යනු ඇත. අනාගතය සඳහා සාගර පරිසර පද්ධති තිරසාර ලෙස භාවිතා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා නිසි කළමනාකරණ කකියාවලියක් සහ කරන ලද රෙගුලාසි මාලාවක් අවශ්‍ය වේ. සාගරවල වැදගත්කම සාමාන්‍ය ජනතාවට පැහැදිලි කළ යුතු අතර, සාගර සහ සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත්භාවය වැඩි කළ යුතුය. එවිට පමණක් අපට අපගේ සාගරය බේරා ගැනීමට හැකි වනු ඇත.
ලෝක සාගර දිනය පිළිබඳ සංකල්පය ප්‍රථම වරට යෝජනා කරන ලද්දේ 1992 දී රියෝ ද ජැනයිරෝ හි පැවති පෘථිවි සමුළුවේදීය.ඒහි මුලික සාගරය සැමරීමේ මාර්ගයක් ලෙස, මුහුද සමග අපගේ සම්බන්ධතාවය සහ අපගේ ජීවිතවල සාගරය ඉටු කරන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ය. සාගරය ආරක්ෂා කිරීමට මිනිසුන්ට උපකාර කළ හැකි වැදගත් ක්‍රම ඉස්මතු කිරීම ද එහි අරමුණයි. ඉන්පසුව, 2008 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම ජුනි 8 වන දින ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය. ලෝක සාගර දිනය සැමරීමේ අරමුණ වන්නේ සාගරයට මානව ක්‍රියාවන්ගේ බලපෑම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, සාගර ආරක්ෂාව සඳහා ගෝලීය ව්‍යාපාරයක් වර්ධනය කිරීම සහ සාගරවල තිරසාර කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතියක් සඳහා ලෝක ජනගහනය එක් කිරීමයි.
දූපත් වාසින් ලෙස, අපේ රටේ බොහෝ දෙනෙක් ආහාර, ජීවනෝපාය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා සාගරය මත යැපෙති. ජාතියේ සාගර ආරක්ෂණයේ පුරෝගාමීන් ලෙස, MEPA වන අපි, සෑම වසරකම ලෝක සාගර දිනයට සමගාමීව බොහෝ වැඩසටහන් සංවිධානය කරන්නෙමු. මෙම ක්‍රියාකාරකම්වලට දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රදර්ශන සහ තරඟ ඇතුළත් වේ. අපගේ ඉලක්කය වන්නේ සමුද්‍ර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමේ වැදගත්කම සහ ප්‍රජාවන් තුළ සාගර ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමයි.
අවසාන වශයෙන්, ලෝක සාගර දිනය යනු සාගරවල සුන්දරත්වය භුක්ති විඳීමට,පෘථිවියේ ජීවය සඳහා සාගරවල වැදගත්කම සිහිපත් කිරීමට සහ සාගරවලින් අපට ලැබෙන සෑම දෙයක්පිලිබදව සිහිපත් කිරිමට හැකි දිනයකි.